September 20, 2024

Fly TV

Space of free media

පෙම්වතිය පැහැරගෙන ඇවිත් අතවර කරන්න හදපු තරුණයට හෝටලෙන් ලැබුණු දේ මෙන්න

 12,001 total views

පැරණි පෙම්වතිය ත‍්‍රීවීල් රථයකින් පැහැරගෙන විත් කටුනායකල ආ`ඩිඅම්බලම ප‍්‍රදේශයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමට තැත් කළ සැකකරු ලබන 15 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් සරල කරුණාරත්න මහතා නියම කළේය. කටුනායකල හීනටියන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන කේ. එම්. කේ. ප‍්‍රනීත් සංසර නමැති සැකකරු මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.

මිනුවන්ගොඩල නිල්පනාගොඩ ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණිය සමග සැකකරු වසර 02ක පමණ කාලයක් පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඇති බව අධිකරණයේදී සඳහන් විය. සැකකරුගේ කි‍්‍රයාකලාපය ගැන සෑහීමකට පත් නොවූ තරුණිය එම පේ‍්‍රම සම්බන්ධය නවතා දමා තිබේග තරුණිය වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට යෑම සඳහා අවශ්‍ය කටයුත්තකට කොටිකාවත්ත ප‍්‍රදේශයට ගොස් සිටියදී සැකකරු තවත් දෙදෙනකු සමග තී‍්‍රවීල් රථයකින් ගොස් මරන බවට බිය ගන්වා තරුණිය ආ`ඩිඅම්බලම ප‍්‍රදේශයේ හෝටල් කාමරයකට රැුගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ තරුණිය කෑගසා ඇති බවත් හෝටල් සේවකයින් ඇයව බේරා ගෙන ඇති බවත් කටුනායක පොලිසියේ උගපොගපග ජිනපි‍්‍රය මුදන්නායක මහතා අධිකරණය හමුවේ පැවසීය. පරීක්ෂණ අවසන් නොමැති හෙයින් සැකකරු රිමාන්ඞ් භාරයට පත් කෙරිණි .