September 21, 2024

Fly TV

Space of free media

වේල්ලවීදියෙන් සොයා ගත් මිය ගිය තරුණියගේ හිසට මොකද වුණේ? – පොලිස්ය හෙළි කරන කතාව

 14,612 total views

වේල්ලවීදියේ අත්හැර දමා ගිය ගමන් මල්ලේ තිබී හමු වූ තරුණියගේ ඝාතනය පිළිබඳව බොහෝ කරුණු මේ වන විට අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව තිබේ.
ඝාතනය සිදු වූ ආකාරය මෙන්ම, ඝාතනයට හේතුව මෙන්ම ඝාතකයා; පිළිබඳවත් මේ වන විට අනාවරණය වී තිබුණත් බොහෝ දෙනෙකුට මිය ගිය තරුණියගේ හිසට සිදු වු දේ පිළිබඳව ගැටලුවක් ඇතිව තිබේ.
මෙම ඝාතන සිදුවීමේ පරික්ෂණ සම්බන්ධව අද (03) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී කොළඹ පොලිස් මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර සිටියේ තරුණියගේ හිසට සිදු වු දෙය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බවයි.
නමුත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම අපරාධකරු ගමන් මල්ල ගෙන යන අවස්ථාවේ ඔහුගේ  කරේ එල්ලාගෙන සිටි අනිත් ගමන් මල්ල තුළ ඝාතනය කරන ලද තරුණියගේ හිස දමාගෙන යන්නට ඇති බවට සැක පළ කරන බවයි.
එම කරුණ ඔස්සේ දැන් පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.

https://youtu.be/eZ3623LFv0o