September 21, 2024

Fly TV

Space of free media

වසර පනස් පහක යුගදිවි ගමන එකටම නිමා කල අපුරු පෙම් යුවල …දරුවන් 8යි..මුණුබුරු මිණිබිරියෝ 27යි

 28,809 total views

විවාහ වූ දා පටන් එකම බත්පත එකට කා දිවි ගෙවූ දරුවන් අටදෙදෙනකුගේ අම්මා තාත්තා වී දරුමුණුබුරන් විසිහත්දෙනෙකුගේ මුත්තා සහ මිත්තණිය වීමේ වසනාව ලැබූ යුවළක් වසර පනස් පහක යුගදිවි ගමන නිමාකර එකම දිනයක අවසන් ගමන් ගිය අවාසනාවන්ත පුවතක් අපට අසන්නට ලැබිණ
මෙලෙස මියගොස් ඇත්තේ පිටිගල පොලිස් වසමේ පෝද්දිවල මලාමුර ප‍්‍රදේශයේ පදිංචි දොන් සමරසේන රත්නායක වීරකෝන් (77* සහ කීබියගේ කමලාවතී (72) නැමැති විවාහක යුවළකි.

මත්තක පෝද්දිවල මලාමුර පදිංචි වෘත්තියෙන් වඩු කර්මිකයෙකු වූ දොන් සමරසේන රත්නායක වීරකෝන් නැමැති අය බටපොළ ගෝනාපීනුවල පදිංචිව සිටි කීබියගේ කමලාවතී සමග අතිනත ගන්නේ මීට වසර පනස් පහකට ඉහතදීය.

එදයින් ඇරැඹි යුගදිවියේ දරුවන් අටදෙනෙක් මෙම යුවළටදාව උපත ලැබීය. එහිදී පිරිමි දරුවන් තුන්දෙනෙක් සහ ගැහැනු දරුවන් සිව් දෙනෙක් මෙලොව උපත ලබා ඇත. අද සමාජය දෙස බලනවිට අලූත විවාහ ගිවිස ගත් ජෝඩු දිනකට හාර පන්සීයක් වෙන්ව යන පුවත් අපට මාධ්‍ය මගින්අසන්නට ලැබෙන වකවකවානුක තම ස්වාමීයාගේ අභාවය දරාගත නොහැකි වූ භාර්යාව ඒ බව අසන්නට ලැබී සුළු මොහොතකින් තම ස්්වාමිපුරුෂයාගේ ගමනට එක්ව ඇති බව තතුදත් අය කිවේ සංසාර පුරුද්දක් බව පවසමිනි.
ගමේ සිදු වන සෑම මළ ගෙදරකම ආදාහනය සඳහා දර සෑය නොමිලයේ සකස්කර දීම සමරසේන මහතාගේ පුරුද්ද වීය. ගමේ ගොවිතැනටත් කිතුල් කර්මාන්තයටත් ඔහු දැක්වූයේ විශාල දායකත්වයකි. කමලාවතී මහත්මියත් තම ස්වාමිපුරුෂයාගේ වැඩකටයුතුවලට සහයෝගය ලබාදෙමින් ගමේ කාටත් උදව් උපකාරකළ තැනැත්තියක් බව අවමඟුල් අවස්ථාවට එක්ව සිටි අය පැවසූහ.
රටේ පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත රජය ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මෙම නිවසට ආගියහ. මොවුන් දෙපළට අමා මහ නිවන් සුව අත්වේවා යි නිවසට පැමිණෙන සියලූම දෙනාගේ පැතුම විය.