September 21, 2024

Fly TV

Space of free media

නිවුන් දරුවන් ඉන්න ලෝකයේ නිවුන් අගනුවර

 330 total views

නයිජීරියාවේ බොහෝ නිස්කලංක නගරයක් වන ඉග්බෝ ඕරා ධනවත් නගරයක් නොවේ. බොහෝ පවුල් ඔවුන්ගේ ගොවිතැන මත යැපෙන අතර සම්පත් හිඟ වේ. එය ලොව වැඩිම නිවුන් දරුවන් සංඛ්‍යාවකට උපත දෙන නගරයකි. එයට මූලික වන පාරිසරික තත්ත්වයන් හෝ ජීවමය තත්ත්වයන් පිළිබඳව අපි ස්ථිරවම නොදනිමු. බටහිර අප්‍රිකාවේ නිවුන් දරු උපත් ප්‍රමාණය ලෝකයේ සෙසු සියලු මහාද්වීපික කලාපයන් හා සසඳන විට හතර ගුණයකින් වැඩිය. ඉනුත් නයිජීරියාව එහි අංක එක ස්ථානය දිනාගෙන සිටී. එනම් එහි කේන්ද්‍රය නයිජීරියාවයි. නයිජීරියාවේ උපදින දරුවන් 1000කින් 158ක්ම නිවුන් දරුවන්ය. නයිජීරියාවෙත් ඉග්බෝ ඔරා නගරය මෙහිදී සුවිශේෂය. අවම වශයෙන් නිවුන් දරුවන් සමූහයක් නොමැති කිසිදු නිවසක් මේ නගරයේ නැති තරම්ය. එය අසිරිමත් ලෙස සැබෑවකි.
“ලෝකයේ නිවුන් අගනුවර වෙත සාදරයෙන් පිළිගනිමු!” යනුවෙන් සටහන් බැනරයන් ඉග්බෝ ඕරාහි සෑම තැනකම දැකගත හැකිය.. 1970දී බ්‍රිතාන්‍ය නාරිවේද විශේෂඥයකු වන පැට්‍රික් නයිලන්ඩර් (Patrick Nylander) විසින් කරන ලද (1970 – 1982) අධ්‍යයනයකින් හෙළි වූයේ මෙම නගරයේ සෑම උපත් 1000ක් අතුරින් නිවුන් දරුවන් 50ක් පමණ උපත ලබා ඇති බවයි. මෑත වර්ෂවල නයිජීරියාවේ ජන හා සංඛ්‍යාලේඛන දත්ත පරීක්ෂා කළ විට පෙනී යන්නේ එක්කෝටි දසලක්ෂයක් ජනතාව අතරින් සියයට 25ක්ම නිවුන්නු බවය. ඉග්බෝ සංස්කෘතියේ නිවුන් දරුවන් බහුලව දක්නට ලැබෙන අතර සාම්ප්‍රදායිකව ඔවුන් පළමු නිවුන් දරු උපතට හා දෙවැනි නිවුන් දරු උපතට නිශ්චිත නම් ලබා දේ. ඔවුන් පළමු හෝ දෙවැනි උපත ලැබුවේද යන්න මත පදනම්ව ඔවුන් තායිවෝ හෝ කෙහින්ඩේ ලෙස හැඳින්වේ. ලෝකයේ සෑම රටකම නිවුන් දරු උපත් සිදුවුවද ඉග්බෝ ඕරාහි නිවුන් දරුවෝ ඔවුන්ගෙන් වෙනස්ය. ඔවුහු ප්‍රචණ්ඩකාරී දරුවන් බව මානව විශේෂඥයෝ කියති. ඉග්බෝ ඕරා ගම්බද ප්‍රජාව පරම්පරා ගණනාවක සිට මෙම නිවුන් දරු උපත් දෙවියන් වහන්සේගේ විශේෂ දීමනා ලෙස සලකනු ලැබේ. ගර්භනී කාන්තාවෝ ඒ සඳහා දෙවියන් යදිති. නිවුන් දරු උපතක් පවුලට මෙන්ම ගමටද ආශීර්වාදයක් ලෙස සැලකෙන අතර බොහෝ ගර්භණී කාන්තාවෝ නිවුන් දරු උපත් සඳහා ඉමහත් ආශාවක් දක්වති. ඒ රසායනික ද්‍රව්‍ය ඔවුන් ආහාරයට ගන්නා එළවළු තුළ ගැබ්ව ඇතැයි ඔවුහු විශ්වාස කරති. ඉග්බෝ ජනතාවගේ ආහාරය සැකසෙන්නේ ප්‍රධාන වශයෙන් අමාලා නමැති පාරම්පරික සුප් වර්ගයෙන්ය. එය සකස් වන්නේ විවිධ කොළ, අල, මුල්, මල් සහ agida නමැති එළවළු වර්ගයෙනි… ඒ එක් මතයකි. ලාගෝස්හි ප්‍රසව හා නාරිවේද එක්ජුජි ඔලරෙන්වාජු විශ්වාස කරන්නේ මෙම සංසිද්ධියට හේතු වෙනත් තැනක පවතින බවයි.
ඔහුට අනුව පිළිගත හැකි එක් හේතුවක් වන්නේ එහි පාරම්පරික පැතිකඩයි. මන්ද ඔවුන් විවාහ වී වසර ගණනාවක් ගතවී ඇති හෙයින් ඔවුන් දැන් එම ජානය පාරම්පරිකව සංචිත කර සංකේන්ද්‍රණය කර ඇති නිසා මතු පරම්පරාවට එය අනිවාර්යයක් වී ඇති බවයි. ඉග්බෝරා ගැහැනුන් මීට දෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් උත්තරයකි. ‘‘අපි බණ්ඩක්කා කොළ ගොඩාක් කනවා.”