273 total views
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පසුගිය ඔක්තෝබර් මස 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 221 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මතුගම ප්‍රදේශයේ ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සිය භාරයටගත් බවද පොලීසිය සඳහන් කරයි.
එහි ගමන් කළ මගීන්ගෙන් ලද තොරතුරු මත එම බස්රථය පොලිස් භාරයට ගෙන තිබේ.
එහිදී එම බස්රථයේ රියදුරු සහ රිය සහයක ද පොලිස් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවටගත් එම රියදුරුට සහ රිය සහයකට එරෙහිව නිරෝධයන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.
More Stories
දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා: ජනාධිපති රනිල් වික්‍රමසිංහ
හිටපු පොහොට්ටු මන්ත්‍රී ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්නගේ වෙඩි තබා ගැනීමේ සිද්දියේ සහාය නළු ASPව අල්ලන්න පොලිසිය කරන්න යන අලුත්ම වැඩේ
ආණමඩුවේ ඉඳන් මහරගම අපේක්ෂා රෝහලට එන CTB බස් එකට ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලායි-කොන්දොස්තරලායි එකතු වෙලා ගල් ගහලා!