September 21, 2024

Fly TV

Space of free media

නාගරික මන්ත්‍රීගේ පවුලේ 4කට කොවිඩ්

 187 total views

කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ පවුලේ සිව් දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරයාගේ බිරිද, වයස අවුරුදු තුනක දරුවා සහ ඥාතීන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කරයි.

රෝගය ආසාදනය වී ඇති මන්ත්‍රීවරයා ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු ගම්පහ, විශාඛා පාර ප්‍රදේශයේ ආශ්‍රිතයින් 160 දෙනෙකු පමණ පෙරේදා(12) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කළ බවත් එම පිරිස අතුරින් මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් හැර අන් කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.