September 21, 2024

Fly TV

Space of free media

රිවර්ස් කළ අත්ට්‍රැක්ටරයට අවුරුදු හතරේ දැරිය බිලිගනී

 18,962 total views

මුලතිව් පුදුකුඩීඉරිප්පු කයිවේලී ප්‍රදේශයේ දී පසුපසට ධාවනය කරමින් තිබූ අත්ට්‍රැක්ටරයට යට වී වයස අවුරුදු හතරක දැරියක සිද්ධිය වූ ස්ථානයේදීම 27 දා මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එස්. රිස්විකා න‍මැති දැරියකි.

ඇය පදිංචි නිවසට යාබද නිවසේ පුද්ගලයෙකු විසින් ඔහුට අයත් අත්ට්‍රැක්ටරය පණ ගන්වා ඉදිරියට යමින් සිටියදී එය දුටු මෙම දැරිය අත් ට්‍රැක්ටරය පසුපසින් දිව ගොස් තිබේ.

ඒ බව නොදත් රියදුරු අත්ට්‍රැක්ටරය පසුපසට ධාවනය කළ අවස්ථාවේ දී දැරිය ඊට යට වී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත් ට්‍රැක්ටරය පැද වූ පුද්ගලයා පුදුකුඩීඉරිප්පු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ
(දිවයින )