September 21, 2024

Fly TV

Space of free media

හීනෙන් නයින්ව පේන්නේ ඇයි? ඒ මේ හේතු හින්දා වෙන්න පුළුවන්

 23,084 total views

අපි ගිය සතියක කිවුවා බල්ලන්ව හීනෙන් පෙනෙන්න බලපාන හේතු ගැන. අදත් ඒ වගේම මිනිස්සු බහුලවම හීනෙන් දකින සත්වයෙක් වන නයා ගැනයි කියන්නෙ. නයා කියන්නෙ සංකේතාත්මකව ගත්තහම හීනවලදි බොහොම දේවල් කියාපාන සත්වයෙක්. අපි බලමු එක එක විදිහේ නයි හීන වලින් කියවෙන්නේ මොනවද කියලා…

  1. නයෙක් ඔබව හැපීම

මේක ඉතාම සුලභ හීනයක් වගේම අපිව සෑහෙන බියට, අපහසුතාවයට පත් කරන්න පුළුවන් හීනයක්. නයෙක් ඔබව සපනවා, ඔබට දෂ්ට කරනවා දකිනවා කියන්නේ ඔබට කරන යම් කිසි අනතුරු හැඟවීමක් ඒක. බොහෝ වෙලාවට ඔබේ ජීවීතේට විෂ පොවන, ඔබේ ජීවිතේ අවුලට පත් කරවන යම් කිසි පුද්ගලයෙක් ගැන ඔබට කරන සිහි කැඳවීමක් වෙන්න පුළුවන් මේ නයි දෂ්ඨ කිරීම හීනෙන් පෙනෙන එක. ඔබේ ජීවිතයට කරදරයක් ගෙන දෙන ඒ පුද්ගලයා සම්බන්ධ ප්‍රශ්නය විසඳගන්න කියලා ඔබට මතක් කර දීමක් තමයි මේ වගේ හීනයකින් පෙන්නුම් කරන්නේ. මේක පුද්ගලයෙක් සම්බන්ධව වගේම ඔබේ ජීවිතේට හිරිහැරයක් වෙලා තියන යම්කිසි මානසික තත්ත්වයක් හෝ අත්දැකීමක් ගැන වුණත් ඉඟි කරන්නක් වෙන්න පුළුවන්.

  1. නයෙක් ඔබ පසුපස්සේ එළවීම

නයෙක් ඔබ පසුපස්සේ එළවද්දී ඔබ බොහෝ වෙලාවට කරන්නේ පළා යන එකනෙ. අන්න ඒ දේම තමයි මේ විදිහෙ හීනයකිනුත් සංකේතවත් වෙනව කියන්නෙ. මේ විදිහෙ හීනයක් දකින මො​හොතක් වෙනකොට ඔබ ඔබේ ජීවිතේ යම්කිසි වැදගත් දෙයක් මගහැරල හෝ එය අමතක කරල ද​මල තිබෙන්න බොහෝ ඉඩ තියනවා. මොකක් හරි වගකීමක්, එදිනෙදා ජීවිතේ ගැටලුවක්, ඔබ කරපු වරදක් වගේ දෙයක් ඔබ ඕනෑකමින්ම මගහැරල ජීවත් වෙනවානම් මේ හීනෙ පෙනෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඒ දේ මොකක්ද කියල තේරුම් අරන් එය සමග ගනුදෙනු කරල ඔලුව නිදහස් කරගන්න එක තමයි කරන්න හොඳම දේ වෙන්නෙ.

  1. නයෙක් හුරතල් කරනවා දැකීම

අහක යන නයි රෙද්දස්සේ දාගන්න එපාය කියන එක අපේ ජනවහරේත් එන කියමනක්නෙ. ඒ කියමනේ යම් ඇත්තකුත් තියනවා. හැබැයි නයෙක්ව සමීප කරගෙන ඌත් එක්ක යාලුකමින්, හුරතල් කරමින් ඉන්නවා හීනෙන් දකින එකනම් සුබදායී ය කියලයි කියන්නෙ. ඒ​ක ඔයාගෙ ජීවිතේ සිද්ධ වෙමින් පවතින සුබදායී වෙනසක් ගැන ඉඟි කරන්නක් බවටයි පැවසෙන්නේ.

3,699 Man And Snake Stock Photos, Pictures & Royalty-Free Images - iStock
  1. කාමරයේ නයි ඉන්නවා දැකීම

මේකත් බොහොම බියකරු හීනයක් වගේම බොහොමයක් දෙනා දකින හීනයක්. මේ විදිහේ හීනයකින් බොහෝවිට ඔබේ නිදහස අහිමිවීමක් ගැන තමයි පැවසෙන්නේ. ඔබ ගත කරන සැබෑ ජීවිතයේදී ඔබට නිදහසේ ඔබේ ජීවිතය ගැන සිතන්නට හෝ එදිනෙදා කටයුතු කරන්නට යම් බාධාවක් එල්ලවෙන බවක් තමයි මේ වගේ හීනයකින් අර්ථ ගැන්වෙනවායැයි කියන්නෙ. ඒ බාධාව මොකක්ද කියලා තේරුම් අරගෙන නිසි පිළියම් යොද​න එක වැදගත්.

Woman Wakes up to Python Next to Bed, Gets 'Fright of Her Life'
  1. මැරුණු නයි දැකීම

මැරුණු නයෙක් හෝ නයි කීපදෙනෙක් හීනයෙන් දකිනවා කියන්නෙ සුබවාදී දෙයක් හැටියට සලකන්න පුළුවන් කාරණයක්. ඒ මගින් මෙතෙක් කල් ඔබේ හිතට වධ දීපු කාරණාවක අවසානය සංකේතවත් වෙන බවක් තමයි පැවසෙන්නේ. ඔබට තිබ්බ යම් බියක් ​හෝ ඔබට අත්හරින්න බැරිව සිතින් වධ වෙච්ච කාරණයක් දැන් ඔබෙන් ඈත්වෙලා කියලයි ඒ විදිහෙ හීනයකින් ඉඟි කරන්නෙ.

Dead snake | Jennifer Diamond | Flickr
  1. හීනෙන් නයෙක්ව මැරීම

හීනෙන් නයෙක්ව මැරීම දෙයාකාරයක තේරුම් තියෙන්න පුළුවන් කාරණයක් වෙනවා. මේ විදිහෙ හීනයක නියම තේරුම තේරුම් ගන්න වෙන්නේ හීනෙන් නයාව මරා දැම්මාට පස්සේ ඔබට හිතට දැනුණු දේ අනුවයි. ඔබේ හිතට ඉන් සැහැල්ලුවක්, සහනයක් දැනුනානම් ඉන් කියවෙන්නෙ. ජීවිතේ යම්කිසි බාධාවක් ජයගන්න ඔයාගේ හිතේ ඇති උනන්දුවයි. ඒ වගේම නයාව මැරීමෙන් පස්සේ හිතට කණගාටුවක් දැනුණු හීනයක නම් තේරුම් වෙන්​නේ යම්කිසි බාධාවක් ජයගන්න බැරු​ව ඔයා යම් අපහසුවකින් පසුවෙන බවකුයි.

Are you dreaming about snakes - Why Do We Have Them? - GaneshaSpeaks
  1. කළු නයෙක්ව හීනෙන් දැකීම

නයින්ගේ වර්ණයෙනුත් හීන වලදී නොයෙකුත් ඉඟි සපයනවා. උදාහරණෙකට රතු පාට නයෙක් දැකීම මගින් ඔබේ ලිංගික ආශාවන් නිරූපණය ව​න බවට විශ්වාසයක් තියනවා. කළු පාට නයෙක් හීනෙන් දකිනවා කියන්නෙ ඔ​බේ හිතට වදදෙන යම් සිතුවිල්ලක් ගැන ඉඟියක් බවයි පැවසෙන්නේ. යම් දෙයක් ගැන ඔබේ හිතේ අධික දුකක් හෝ පීඩනයක් තිබෙනවානම්, මේ විදිහේ කළු පාට නයෙක් හීනෙන් පෙනීම ඒ ගැන දෙනු ලබන සංඥාවක් විය හැකියි.

Madurai Man Chewed A Dead Snake Claiming It Keeps COVID At Bay, Gets  Arrested & Fined