September 21, 2024

Fly TV

Space of free media

කුරුවිට තරුණිගේ ඝාතකයා අවසානයේ දුකට පත් වෙයි -කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

 29,926 total views

කුරුවිට තරුණිගේ ඝාතකයා අවසානයේ දුකට පත් වෙයි -කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩයකුරුවිට තරුණිය ඝාතනය කර ගෙල කපා දැමීම සැළසුම්සහගතව කළ දෙයක් නොවන බව සිය දිවි හානි කර ගත් පොලිස් නිලධාරිවරයා සිය අවසන් ලිපියේ සටහන් කර තිබෙනවා. එවැනි දෙයක් සිදු නොවුණා නම් හොඳ බව තමන්ට පසුව හැඟුණ බවයි ඔහු බිරිඳ වෙත ලියා ඇති එම ලිපියේ සටහන් වන්නේ.අම්මාට යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සිය බිරිඳගෙන් සමාවද ඉල්ලා මෙම ලිපිය ලියා තිබුණා.ඝාතනයට ලක් වූ කාන්තාව, බිරිඳට සහ දරුවන්ට බනින්න පටන් ගැනීම නිසා එම සම්බන්ධය නැවත්වීමට යෝජනා කළද ඇය එයට අකමැති වූ බවයි ඔහු ලිපියේ සඳහන් කර ඇත්තේ.“මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. ලෝකේ ගැන නොදැන නෙවෙයි මන් මේකට පැටලුනේ. එත් දැන් ඉතිරි වෙල නෑ කිසි දෙයක්. ඔය හිතින් විඳපු වේදනා මම මගේ ජිවිතෙන්ම විඳිනවා.ඒක මගේ වරද.මම නැති උනාට ඔයාලා බලා ගන්න කෙනෙක් ඇති පොලිසිය ආවොත් ඇත්ත තත්ත්වේ කියන්න.”යනුවෙන්ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා