September 22, 2024

Fly TV

Space of free media

වේල්ලවීදියේ මරා දැමු තරුණියගේ සොහොයුරා කිවු දුක හිතෙන කතාව

 30,500 total views

කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත.මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත

“අපි අද කොළඹ එනවා මේ ඇඳුම් බෑගය හා එහි තියෙන තොරතුරු නංගිගේමද කියලා තහවුරු කර ගන්න..”

වේල්ලවිදියේ; ගමන් මල්ලක් තුළ; තිබී සොයා ගත් හිස සුන් මළසිරුරේ හිමිකරිනියගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය දේශපලඥයෙකු  වන ප්‍රභාත් ජයවර්ධන සිය නැගණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හිරුට අදහස් පල කළා. සිය එකම නැගණිය පසුගිය 28 වැනි දින ශ්‍රී පාදේ යන බව පවසා නිවසින් පිට වූ බවත් ඒ මොහොතේ තමාත් සිය මවත් නිවසේ නොසිටි බවත් ඔහු පවසනවා. ඒ ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“යන අතරතුර අම්බලම් කිහිපයක තීන්ත ගාන්න තියෙන බව නංගි කිව්වා, ඊට අමතරව දන්සැල් දෙන්න සුදානමකුත් තිබුණා කියලා කිව්වේ, 28 හවස මම නංගිට කතා කරද්දී ඉන්නේ එරත්න ප්‍රදේශයේ කියලත් කිව්වා…”

සිය නැගණිය පිළිබද තොරතුරු විමසා හංවැල්ල පොලිසියෙන් මාර්තු 02 වැනි දින දුරකථන ඇමතුමක් ලැබුණු බවත් එහිදී ඇය පිළිබඳ තොරතුරු විමසා සිටි බවත් ප්‍රභාත් ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියා.

“නංගිගේ බෑග් එක හංවැල්ල පොලිසියෙන් හොයාගෙන තිබුනා. එකේ 2017 යොවුන් සේනාංක කඳවුරකට සහභාගී වීම සඳහා  සැකසු  හැඳුනුම්පතක තිබුණු තොරතුරු හරහායි කුරුවිට පොලිසියෙන් මගේ තොරතුරු හොයාගෙන තියෙන්නේ. අපි අද කොළඹ වේල්ලවිදිය පොලිසියට එනවා මේ ඇඳුම් බෑගය හා එහි තියෙන තොරතුරු නංගිගේමද කියලා තහවුරු කර ගන්න. එයා ඉපදුණේ 1991 අවුරුද්දේ. තවම අවුරුදු 30වත් නැහැ…”

වැඩිදුරටත් අදහස් දැක්වූ මිය ගිය තරුණියගේ සොයුරා සඳහන් කළේ මෙම ප්‍රේම සම්බන්ධතාවය මුහුණු පොත හරහා ගොඩ නගා ගන්නට ඇතැයි තමන් සැක කරන බවයි.