31,108 total views
කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත.මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත.
අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි (50) නමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් කැලෑවකට පැන ඇත.
ඊයේ (02දා) රාත්‍රිය වන විට ඔහුව සොයා මෙහෙයුමක් අරඹා තිබුණු බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ‘අරුණ’ට පැවසීය.
ඝාතනයට ලක්වී ඇත්තේ ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරියකි. මෙම මියගිය කාන්තාවගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. සැකකරු විවාහකයකු වන අතර නිවසට පොලිස් කණ්ඩායම් යන විට ඔහු බිරිඳ සමග සිට ඇත.
සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන ඇත. එම හෝටලයේ සිටියදී කාන්තාව සමග තුන් වතාවක් පිටතට ගොස් ඇති අතර එම හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ පෙරේදා (01දා) උදෑසන 10.00ට පමණය. එලෙස පිටව යෑමට පෙර මෙම කත ඝාතනය කර ඇතැයි අනාවරණය වේ. හෝටලයේ බිල රුපියල් 4100ක් ගෙවා සැකකරු පිටව ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. ඒ හංවැල්ල නගරයටය. කාන්තාව ඝාතනය කළ පසු බහාලූ බෑගයද එම ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් ඇත. නවතැන්පොළේදී ඝාතනය සිදුකළ පසු සැකකරු හෝටල් කාමරය සම්පූර්ණයෙන් පිරිසුදු කර ඇතැයි හෙළිවන බවත්, බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ‘ පැවැසීය.
මරා දමා පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බව අනුමාන කෙරේ. අධික රුධිර වහනයක් නොවී ඇත්තේ ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා විය හැකි බව විමර්ශන කණ්ඩායම් කියයි. කාන්තාවගේ හිස මෙතෙක් හමුවී නැත. මෘත දේහය බහාලූ බෑගය වේල්ලවීදියෙන් හමුවූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සැකකරු යැයි විශ්වාස කළ හැකි අයකු හෝටල් හිමිකාරිනියට දුරකථන ඇමතුමක් ලබාදී තමාගේ තොරතුරු පිටතට ලබාදුනහොත් මරා දමන බවට තර්ජනය කර ඇත.
ඝාතනයෙන් පසු හංවැල්ල්ලට පැමිණි සැකකරු බස්නැවතුමෙන් හංවැල්ල -කොළඹ බස්රථයකට ගොඩවී ඇතැයි කළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත. ඝාතනයට ලක්වූ කාන්තාවගේ යැයි සැක කරන යට ඇඳුම් සහිත ගමන් බෑගයක් හංවැල්ල නගරයේදී තිබී හමුවී ඇත.
මෙම ඝාතනය වූ කාන්තාව නිවසින් පිටවී ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා යැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට පොලිසිය ගිය මොහොතේ කැලෑවට පනින්නට පෙර බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද තබා ගොස් ඇත. ‘‘මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයාගන්න පුළුවන්තැනක සූසයිඩ් කරගන්නවා’’ යැයි ලිපියේ සඳහන් කර ඇත.
සැකකරුට වයස අවුරුදු 18 දරුවකු හා අවුරුදු දහයක දරුවකු සිටී. මෙම දරුවන් හා බිරිඳ පොලිසිය සමග ඊයේ (02දා) රාත්‍රියේ කැලෑබද ප්‍රදේශයට ගොස් කෑගසමින් අමතා ඇතත් ඔහු පැමිණ නොමැත.
වේල්ල වීදියෙන් හමුවූ බෑගයේ තිබූ හිස නැති සිරුරේ මෙම කාන්තාවගේ බවට සැකයක් – ඝාතකයා පොලිස් නිලධාරියෙක්… වේල්ලවීදිය ප්‍රදේශයෙන් හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බුත්තල පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට හඳුනාගෙන තිබෙනවා සැකකරු නිවාඩු ලබා සිටි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියාසිටියේ. මියගොස් ඇති තරුණිය කුරුවිට ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියක බවටද හෙළිකරගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා පසුගිය 28 වනදා රාත්‍රියේ හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට යන අයුරුත් පසුදින පෙරවරුවේ සැකකරු පමණක් ඉන් පිටතට පැමිණෙන අයුරුත් සී සී ටී වී දර්ශන මගින් නිරීක්ෂණය කර තිබෙනවා.
වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ රබර් වත්තක තිබී සොයාගෙන තිබේ.
More Stories
“මීට පස්සේ පොලිසියට දේශපාලන බලපෑම් නෑ-පාස්පෝට් පෝලිම ඉක්මණින් අවසන් කරනවා”-අලුත් ඇමැති විජිත වැඩ බාරගනිමින් කියයි
ආගමන විගමන පාලක හර්ෂ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ගත්ත දැඩි නියෝගය මෙන්න
අනුර පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු වෙන දේ මෙන්න