November 10, 2024

Fly TV

Space of free media

ඊලඟ පාර ඉලන්න නැහැ කියලා සමහර අය බය වෙලා – ජනාධිපති (VIDEO)

 20,999 total views

ජනතාව තමන් පත් කලේ මාස 60 කට බවත් ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
මාව ජනතාව පත් කලේ මාස 60 කට, දැනට මාස 14ක් වගේ ගිහිල්ලා. තව හොද කාලයක් තියෙනවා. මම නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියල සමහර අය කලබල වෙලා තිබුනා. මම ආපහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ජනතාව. මෙදා පාරත් ඒක තීරණය කලේ ජනතාවයි. ඒක නිසා මේ මාස 60 ඇතුලත මට පැවරුණු වැඩකොටසක් තියෙනවා කරන්න.
නගරය විතරක් වැඩ කරලා බැහැ. ගොඩක් අය ජිවත් වෙන්නේ ගමේ. අපි ගමත් සංවර්ධනය කරන්න අවශ්‍යයි. ගමෙන් තමයි අපිට හාල් ටික එළවලු ටික ලැබෙන්නේ. ඒ නිසා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්න අපි යටිතල පහසුකම් දියුණු කරන්න අවශ්‍යයි. ගමට ගියාම ඒ අය ඉලන්නේ යටිතල පහසුකම් වැඩිදියුණු කරලා දෙන්න කියලා. මේක තමයි රජයකට කරන්න තියෙන්නේ’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.

VIDEO :

https://twitter.com/GotabayaR/status/1373251482640809986?s=20