September 21, 2024

Fly TV

Space of free media

මාස්ක් එකේ හංගා ගෙන කුඩු වික්ක 2ක් මාට්ටු

 6,470 total views

මෙසේ අත්අඩංගුවට පත්වූයේ අට්ටාලච්චේන සහ අක්කරපත්තුව පදිංචි දෙදෙනෙකි.

කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත උපාය ¥තයකු යොදවා මෙම වැටලීම සිදුකළ අතර අට්ටාලච්චේන පදිංචිකරුගේ මුව ආවරණය තුළ හෙරොයින් මිලිග‍්‍රෑම් 1270 ක් තිබී ඇත.

අක්කරපත්තුව සැකකරුගේ මුව ආවරණයේ රහසිගත සාක්කු තුළ හෙරොයින් මිලිග‍්‍රෑම් 1055 ක් තිබී ඇත. අට්ටාලච්චේන සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙතෙම අක්කරපත්තවු ප‍්‍රදේශයේ ගෙවල් බිඳුම් රැුසක් සිදුකර ගෘහභාණ්ඩ හා විදුලි උපකරණ රැුසක් සොරකම් කර තිබෙන බවත්, ඒවායෙන් කුඩු පානය කර තිබෙන බවත් අනාවරණයව තිබේ. මෙම පුද්ගලයා අධිකරණ නියෝග මත රඳවාගෙන වැඩිදුරටත් ප‍්‍රශ්න කරමින් සිටී. එමෙන්ම මෙම සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නියුතුව සිටි දෙදෙනකු බවද පොලිසිය කියයි.

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතාගේ උපදෙස් මත, අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ මඟ පෙන්වීමෙන්, අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරී ප‍්‍රදීප් කුමාර මහතාගේ අධීක්ෂණයෙන්, අක්කරපත්තු පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක විජේතුංග බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අක්කරපත්තු පොලිසිය ¥ෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උ. පො. ප. පහිරදන්, පො. සැ. (40205) විජේරත්න, පො. කො. (67169) මුණසිංහ, පො. කො. (67407) ලක්මාල්, පො. කො. (92878) අනුෂන් යන නිලධාරීහු සිදු කරති.

සුසන්ත අමරබන්දු<