September 22, 2024

Fly TV

Space of free media

ජාත්‍යන්තරයට ගිය ලංකාවේ අපේ කොත්තු රොටිය සහ ආප්ප

 187 total views

වියට්නාමයේ හැනෝයි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊයේ(06) පැවති වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ජාත්‍යන්තර ආහාර උළෙලට සහභාගී විය.

මෙම වාර්ෂික උත්සවයේ 8 වන සමුළුවට රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ ජාත්‍යන්තර සංවිධාන, හැනෝයිහි පිහිටි රාජ්‍ය නොවන සංවිධාන, වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පළාත් කාර්යාල, පළාත් ආණ්ඩු සහ වියට්නාම ආහාර හා පාන කර්මාන්තයේ ප්‍රමුඛයෝ සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය මෙම උත්සවයේ වඩාත් ආකර්ෂණීය එකක් වූ අතර, එහි පිළිගැන්වුණු ශ්‍රී ලාංකික ආහාර වන කොත්තු රොටි සහ ආප්ප සජීවී ලෙස පිළියෙළ කිරීම වඩාත් සිත් ගන්නා සුළු විය.

ශ්‍රී ලංකාවේ කෙටි කෑම සමඟ Ceylon Tea ද පිරිනමන ලදී.

ආහාර උළෙලට 1500 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර කුටි 115 කින් සමන්විත විය.