September 22, 2024

Fly TV

Space of free media

දේශීය ඔසුව පරීක්‍ෂණ දෙකකින් සමත්..මෙවැනි අය ආරක්ෂා කල යුතුයි..!- හිටපු ආයුර්වේද කොමසාරිස්.

 233 total views

දේශීය වෙද මහතකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දෙනු ලැබූ කොවිඩ් නැති කරන ඖෂධය ගුණාත්මක භාවයෙන් ඉහළ බව පවසන ලද්දේ ඒ සම්බන්ධයෙන් උනන්දුව දැක් වූ බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් බව හිටපු පලාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි.

එම ඖෂධය පලමු හා දෙවන අවස්ථාවලදී සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති නිසා ඒ ගැන යලිත් ප‍්‍රශ්ණ කල නොහැකි බවද ඔහු කියා සිටී.

ඖෂධය හදුන්වා දී ඇති ධම්මික බණ්ඩාර මහතා වෛද්‍යවරයෙක් නොව බොරුකාරයෙක් බවට ඇතැමුන් මතයක් සෑදීමට උත්සාහ කලද එවන් පුරෝකථනයන් නොදිය යුතු බවද ඔහුගේ අදහසයි.

අදටද ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් වෛද්‍යවරුන් 70000ක් පමණ ඇති ඖෂධ වට්ටෝරු ඔ්නෑම අයෙකුට නිපදවිය හැකි බවත් එනිසා ඒවාට අවමන් නොකල යුතු බවද ඔහු කියා සිටියේය.

එවන් තැනැත්තන් ආරක්ෂා කළ යුතු බවත් පවසන හිටපු කොමසාරිස්වරයා අදාල පරීක්ෂණය වාර්තාව මාසයක් ඇතුලත මාසයක් ඇතුළත ලබා දෙන බවද පැවසීය.

හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පෙන්වා දුන්නේ

“මේ ඖෂධයේ විශාල ප්‍රතිඵලයක් තියෙනවා කියලා සහතිකය දීලා තියෙන්නේ බටහිර වෛද්‍ය කණ්ඩායමක්. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ බෙහෙත් වට්ටෝරු හැත්තදාහක් විතර තියෙනවා. ඒ බෙහෙත් හදන්නේ වෛද්‍යවරුම නෙමෙයි,” යනුවෙනි.