September 20, 2024

Fly TV

Space of free media

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා: ජනාධිපති රනිල් වික්‍රමසිංහ

 78,073 total views

අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (14) පස්වරුවේ එක්වෙමින්.

දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බවත්, රටේ ශක්තිය අධ්‍යාපනය වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

තවද මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

රට දියුණු කිරීමට නම් අලුත් මාර්ගයක ගමන් කළයුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කරමින් රට ශීඝ්‍ර දියුණුවක් කරා ගෙන යාමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමටත්, සංචාරක, ආර්ථික සහ තොරතුරු තාක්ෂණ නගරයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.