September 20, 2024

Fly TV

Space of free media

රනිල් එජාපය භාර දෙන්න සූදානම් වෙයි

 26,486 total views

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, ජනාධිපති ධුරයේ රාජකාරී බහුල බැවින් පක්ෂ කටයුතු උදෙසා වැඩි කාලයක් ගත කිරීමට නොහැකිවීමත් පක්ෂයේ දෙවන පෙළ නායකයන් බිහිකිරීමත් යන අරමුණු මුල් කර ගනිමිනි.

ජනාධිපති වික්‍රමසිංහ ඉකුත් සතියේ මේ සම්බන්ධයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවී සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් ඇති නොවීම මෙම නායකත්ව මණ්ඩලය පත් කිරීමේ අරමුණ බව ජනාධිපතිවරයා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇත. සමාන තත්ත්වයේ බලතල සහිතව නායකත්ව මණ්ඩලයක් පත් කිරීමෙන් සැබෑ නායකයන්ට ඉදිරියට පැමිණිය හැකි වන අතර එසේ කළ නොහැකි පිරිසට පසුබැසීමට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එජාප ආරංචි මාර්ග පවසන්නේ අගෝස්තු මස මැද සතියේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත කර ගැනීමට නියමිත බවයි.