September 21, 2024

Fly TV

Space of free media

ඇදිරිනීතිය අප්‍රේල් දක්වා යන ලකුණු

 172 total views

දැනට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස පළමු සතිය අවසන් වන තුරු බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25 වැනිදා) අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැති වී ඇති අතර කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

අඩු ආදායම්ලාභී ජනතාවට බඩු මල්ලක් ප්‍රදානය කිරීම ගැනද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ජනතාවට සහන සලසමින් දැඩි තීරණ ගන්නා බවද මෙහිදී ජනාධිපතිවරයා පැවැසූ බව වාර්තා වේ.