September 21, 2024

Fly TV

Space of free media

ඇදිරි නීතිය කාලේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට ගෙදරටම

 341 total views

මහජනයා වෙලදපොලට එක්‍ රැස්වීම වලක්වා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ ඊ මාර්කටින් ක්‍රමවේදය හරහා ජනතාව වෙත ලබා දීමට කටයුතු යොදාගෙන යන බව කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

මේ ඔස්සේ ජනතාවට ඔන්ලයින් ක්‍රමයට තමන්ට අවශ්‍ය භාණ්ඩ ඇනවුම් කළ හැකි අතර සතොස මගින් එම භාණ්ඩ නිවසටම සැපයීමට ට කටයුතු කරන අතර එලවලු ඇතුළු අනෙකුත් අවශ්‍ය දේ ද කුඩා ලොරි මගින් නිවෙස් අසලටම යැවීමට කටයුතු කෙරේ.

ඇදිරි නිතිය පවතින මොහොතේ වුවද ජනතාවට අපහසුතාවකින් තොරව අවශ්‍ය දේ ගැනීමට හැකි වන පරිදි චුන් පාන් වාහන වැනි දේ ගම්වලට හා මහල් නිවාස සංකිර්ණ වෙත යැවීමට ද තිරණය කර ඇති අතර මීට සහය වීම සඳහා සිවිල් ආරක්ෂක බලකායද කැදවිමට පියවර ගෙන ඇත .

මේ ඔස්සේ මුලින්ම කඩුවෙල නගර සීමාව තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර කඩුවෙල නගරාධිපති හා ප්‍රාදේශීය ලේකම්වරියගේ මගපෙන්වීම මත මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පසුව මෙම ක්‍රමවේදය කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ වලටද ක්‍රියාත්මක කිරිමට අවධානය යොමුකර ඇත .Sharing is caring!