September 21, 2024

Fly TV

Space of free media

දඹදිව සිරවී සිටි අන්තිම ලාංකිකයාත් රැගෙන එයි

 138 total views

දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රීලංකිකයින් 148ක් අද( 22) උදෑසන දිවයිනට රැගෙන විත් ඇත. ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ සිර වී සිටි සියලුම සැදහවතුන් සියරට පැමිණ ඇත.

අද අලුයම පැමිණි ගුවන් යානයේ සැදැහැවතුන් 97ක් පැමිණි අතර නවදිල්ලියේ සිට උදැසන 8.30 ට පැමිණි යානයෙන් තවත් 51ක් රැගෙන විත් ඇත.

මෙලෙස පැමිණි සියලු දෙනා විෂබීජානුහරණයට ලක්කරමින් නිරෝධායන මධ්‍යස්ථාන යොමු කිරීමට පියවර ගෙන ඇත.

සැදැහැවතුන් අතර භික්ෂූන් වහන්සේලා පස්නමක්ද සිටින බව වාර්තාවේ.