September 21, 2024

Fly TV

Space of free media

මූල්‍ය විනයක් නෑ; විමල් එක්ක බෑ… ලේකම් අස්වෙයි

 6,008 total views

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාට මූල්‍ය විනයක් නොමැති බවත්, අමාත්‍යවරයා විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත් සඳහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.  ඒ අනුව තවදුරටත් තමා රාජ්‍ය පරිපාලන සේවයේ නිරත නොවීමට තීරණය කර ඇති හෙයින් තමාට විශ‍්‍රාම යෑම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද අනුෂ පැල්පිට මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.