September 20, 2024

Fly TV

Space of free media

ඔක්කොම කුණු ටික නංගීට – ඒවාට උත්තර දෙන්න නංගී දැන් නැහැ…” – කුරුවිට තරුණිය ගැන සහෝදරයා කියන කතාව

 12,242 total views

කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිට පසුව උප පොලිස් පරික්ෂකවරයෙකු අතින් අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වුණු තරුණියගේ සහෝදරයා විසින් තමන්ගේ නැඟණිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මෙන්ම මාධ්‍ය තුළත් පළ වූ පුවත් සම්බන්ධව සිය අදහස් පළ කර තිබේ.එහිදී ඔහු සඳහන් කර සිටියේ මුල් අවස්ථාවේ මාධ්‍ය හැසිරීම දින දෙකක් තුළ සම්පුර්ණයෙන්ම වෙනස් වූ බවයි.”එක එක්කෙනා කියන දේවල් මිසක මම මේ වන තෙක් ෆෝන් එකවත් බැලුවේ නැහැ ඒ කියන දේවල් අහලා බලන්න බැරි හින්දා….” යැයි එහදී කුරුවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ප්‍රභාත් ජයසුන්දර මහතා සඳහන් කර සිටියි.තමන්ගේ නැගණියවත්, වෙනත් කෙනෙකුවත් තමන් නිවැරදි නොකර බවද ප්‍රභාත් මහතා සඳහන් කරමින් ඔහු කියා සිටියේ “මේක මිනීමැරුමක්, ඒක සාධාරණීයකරණය කරන්න එපා.. මට නංගී නැති වුණා.. ඒකේ වේදනාව මටයි, පවුලෙ අයටයි තියෙනවා.. නමුත් මේ සිද්ධියක් රටේ සිදුවෙන්න දෙන්න හොඳ නැහැ කියන එක හිතලා මාධ්‍ය හැසිරෙන්න ඕනෑ…” යනුවෙනි.තමන්ගේ මිය ගිය නැගණියගේ ආදර සම්බන්ධතා පිළිබඳවත් ආගිය තැන් පිළිබඳවත් විවිධ පුද්ගලයින් තොරතුරු සොයන බවද ඔහු සඳහන් කළේය.එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හවුමාරු වූ තරුණියව ඝාතනය කළ එස්.අයි නිලධාරියාගේ ලිපිය සම්බන්ධවද එහිදී ප්‍රභාත් මහතා සිය ප්‍රතිචාරය දක්වා තිබුණු අතර එහිදී ඔහු කියා සිටියේ “..අර පුද්ගලයා ලියපු ලිපිය හරහා කරුණු අරගෙන ලියනවා, කියනවා.. ඒක ඒකපාර්ශවික ලියුමක්නේ.. මිනීමැරුම කළාට පස්සේ ලියපු එකක්. ඒ වගේම එයා මැරෙන්න බලාගෙන ලියපු එකක්.. එකේ එයාට ඕනම දෙයක් ලියන්න පුළුවන්..” බවයි.එමෙන්ම එම ලිපියේ ලියා තිබුණු කරුණුවලට තම නැඟණිය පමණක් වගකිව යුතුද යන්න පිළිබඳවද ඔහු විමසා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ “..ඒකේ තියෙන ඒවාට උත්තර දෙන්න ඒ පුද්ගලයාත් නැහැ…ඒ නිසා ඒක පාවිච්චි කරලා නංගී ගැන ලියන කියන එක වැරදියිනේ..උත්තර දෙන්න දැන් නංගීත් නැහැනේ…” යනුවෙනි.තමන්ගේ නැගණියගේ චරිතය පිළිබඳවත්, උප පොලිස් පරික්ෂකවරයාගේ චරිතය පිළිබඳවත් මාධ්‍යයෙන් සොයන එකේ වැඩක් නැති බවත්, ඒත් විමර්ශනවලට සහායක් ලබා දීම පමණක් කළ යුතුව ඇති බවත් ප්‍රභාත් මහතා සඳහන් කර සිටියේය.”මිනීමැරුම සාධාරණීයකරණය කරන විදියේ වැඩක් මාධ්‍යවල යනවා. ඒ ගැන වොයිස් කට් දෙන්න කියලා..” යනුවෙන් පැවසු කුරුවිට තරුණියගේ සහෝදරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය දින කිහිපය පුරාවටම තමන්ගේ නැගණියගේ පැත්තට කුණු ටික දමමින් දැන් කතාව වෙනස් කිරීමට උත්සාහ කරන බවයි.. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ “…ඒවා මිනිස්සුන්ගේ ඔළුවට ගියාට පස්සේ ආපස්සට හරවන්න බැහැනේ..අපි මාධ්‍ය සාකච්ඡා තියලා කිව්වත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි…” ලෙසිනි.ඔහු මේ බව සඳහන් කර තිබුණේ ජාතික පුවත්පතක් සමඟ සංවාදයට එක්වෙමිනි.