September 20, 2024

Fly TV

Space of free media

පිළිකාවක් කලින්ම අදුනගන්න මේ ලක්ෂණ දැනගන්න

 1,040 total views

පිළිකාවක් කල් තියා හදුනාගත්තොත් එයින් සම්පුර්ණයෙන්ම අත් මිදෙන්න පුළුවනි.  

අප මෙහිදී ඉදිරිපත් කරණ ලක්ෂණ කවරෙකුට හො තිබේ නම් ඒ ගැන සැලකිලිමත් වී වෛද්‍යවරයෙක් හමුවෙන එක තමයි වඩාත් වැදගත්.

01. හුස්ම කෙටි වීම

පෙනහළු පිලිකාවක පලමු ලක්ෂණය තමයි කෙටි හුස්ම වැටීම . පෙනහළු පිලිකා රෝගීන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ට මෙම රෝග ලක්ෂණය තිබු බව ඔවුන් පවසනවා. මෙය ඇදුම රෝගයේද ලක්ෂණයක් වෙනවා. එබැවින් මෙවැනි රෝග ලක්ෂණයක් කලක් සිට පවතිනවානම් වෛද්‍යවරයෙක් මුණගැසීම තමයි වඩාත්ම නුවණට හුරු .

02. කලක පටන් පවතින කැස්ස හා පපුවේ වේදනාව

ලියුකේමියාව හා පෙනහළු පිළිකා තත්වයන් වලදී බෙහෙවින් දකින්න පුළුවන් ලක්ෂණ තමයි කැස්ස හා පපුවේ වේදනාව . මෙම තත්වය කාලයක සිට පවතිනවා මෙන්ම කලින් කලට මතුවෙන බවක්ද දකින්න පුළුවන්. කෙසේ වෙතත් මෙම තත්වය කවරෙකුට හො ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.

03. නිරන්තර රෝගාතුර වීම.

ලියුකේමියා වැනි තත්වයක් පවතින විට රුධිරයේ ස්වෙතානු ප්‍රමාණය ඉහල ගොස් ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු වී නිරන්තරව ලෙඩ රෝග වලට භාජනය වෙනවා. උණ හා සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර ගැනීමට පැමිණි වැඩිහිටි පුද්ගලයන් බොහෝ දෙනෙක් ලියුකේමියා රෝගීන් බවට හෙළි වී තියෙනවා.

04. ගිලින විට උගුරේ ඇතිවෙන වේදනාවක්

ගැබ්ගෙල පිළිකා හා පෙනහළු පිළිකා තත්වයන් වලදී, ගිලින විට උගුරේ වේදනාවක් ඇති වීම සුලබ ලක්ෂණයකි. මෙවැනි උගුරේ අපහසුතාවයන් සෙම් රෝගී තත්වයන් වලදී ද , දැකිය හැකි නිසා කවුරුත් මෙය වැඩි සැලකිල්ලට නොගනි. නමුත් මෙවැනි තත්වයකදී නිසි ප්‍රතිකාර සදහා යොමුවීමෙන් වියහැකි වියසනයක් මග හරවා ගන්න පුළුවන්.

05. කිහිලිවල හා ඉකිලිවල වසා ගැටිති ඉදිමීම.

වසා ගැටිති වල වෙනසක් සිදු වීමෙන් ඒවා ඉදිමීමට ලක්වෙන අතර පියයුරු පිළිකා තත්වයකදී කිහිලි වල වේදනා රහිත ගැටිති ඇතිවීම සුලබ ලක්ෂණයක්. ලියුකේමියා තත්වයේ රෝග ලක්ෂණයක් ලෙස බෙල්ලේ හා ඉකිලි වල මෙවැනි ඉදිමුනු ගැටිති දකින්න පුළුවන්.

06. තැල්මක් වැනි රතු ලප ඇතිවීම

රතු රුධිරාණු වල අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් නිසා මෙවැනි රතු ලප ඇතිවිය හැකියි. මෙය ලියුකේමියා තත්වයක මුලික ලක්ෂණයක් විය හැකියි. අත්ලේ සහ ඇගිලි වල ඇතිවි තිබෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ ,පපුවේ සහ බෙල්ලේ මෙවැනි රතු ලප ඇත්නම් වහා සැලකිලිමත් වන්න.

07. මලපහ සමග රුධිරය පිටවීම

ගුද මාර්ගයෙන් රුධිරය වාහනය වීම බොහෝ විට මහා බඩවැල ආශිතව ඇති පිළිකා තත්වයකදි දකින්න පුළුවන්. මෙවැනි තත්වයක් යමෙකුට ඇත්නම් එය දැඩි අවධානයට ලක් කල යුතු තත්වයකි.

08. නොකඩවා බර අඩුවීම.

වෙනත් කිසිදු තත්වයක් නොමැතිව සැලකිය යුතු මට්ටමකින් නොකඩවා යමෙකුගෙ ඔබේ බර අඩු වීම පිළිකා රෝගයක ලක්ෂණයක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. මහාබඩවැල ආශ්‍රිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදී මේ තත්වය බොහෝ දුරට දකින්න පුළුවන්. මෙවැනි පිළිකා තත්වයකදී ආහාර රුචිය අවම වීම මීට හේතුවයි.

09. නියපොතුවල වෙනස් කම් ඇතිවීම. 

පිළිකා තත්වයක් ඇති වූ පසු නියපොතු වල වෙනස්කම් ඇති වීම බොහෝ විට දැකිය හැකි ලක්ෂණයක්. නියපොතු වල කළු, දුඹුරු රේඛා හා තිත් ඇතිවීම සමේ පිලිකාවක පෙර නිමිත්තක් විය හැකියි. අක්මාවේ ඇතිවෙන පිළිකා තත්වයකදී ද නියපොතු අසාමාන්‍ය ලෙස සුදු පැහැයකට හැරීම සිදුවිය හැකියි.

10. මුඛ පිලිකාවක පෙර නිමිති

මුඛය ආශ්‍රිතව ඇතිවෙන දැඩි වේදනාව, රතු හා සුදු ලප , මුඛයේ ඇතිවෙන තුවාල, මුඛය විවෘත කිරීමට ඇති වෙන අපහසුතාවය මුඛ පිළිකාවක් විය හැකිය.

මෙවැනි රෝග ලක්ෂණ යමෙකුට ඇත්නම් ප්‍රදේශයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් පරික්ෂා කරවා ගෙන පිළිකා රෝගය මගහරවා ගැනීමටත් 

නිට්ටාවටම සුවකර ගැනීමටත් කල් ඇතිව වග බලාගන්න.